විමලේ බොහො දෙනෙකුගේ නෙතට කඳුලක් නංවමින් උපවාසය අවසන් කර ඇත. අතිගරු ජනාධිපති උතුමානන්ගේ කරුනාබරිත ඉල්ලිම ඉවත නොදැමිය නොහකි නිසාවෙන් තම මාරාන්තික උපවාසය අත් හැර ඇත. හැඟීම්බර මිනිසුන්ගේ හුරේ හඬ මැද ජයග්‍රහනයෙන් හෝ මරණයෙන් තොරව අවසන් නොකරන බවට ශපත වූ උපවාසය ඒ ජනතාවගේම හුරෙ හඬ මැද අවසන් කෙරුනි. මෝඩ මිනිසුන් කිහිප දෙනුකු හැර, අන් සියලු දෙනා බලපොරොත්තු වූ ලෙසම නාටකයේ අවසානය සිදු විය. චරිතය රඟ පෑ යුත්තේ නාටකයේ අදියුරුට අවැසි ලෙස බැවින් අවසානය පිළිබඳ නලුවාට දොස් තැබීමෙන් පලක් නැත.
නමුත් විමලේගේ උපවාසය ශ්‍රි ලාංකික අර්ධ මානවකයින් වෙත ප්‍රශ්න කිහිපයක් ඉතුර කර ඇත. ඒවා නම්:
1. බෑන් කී මූන්ගේ කමිටුව පිලිබඳ ලෝක අවධානය යොමු කර වීම.
2. ඒකබද්ධ විරොධතා ලිපියකට අත්සන් කිරීමට සිටි නොබැඳී ජාති රටවල් බොහොමයක් ඉන් වැලැක් වීම.
3. ශ්‍රී ලංකීය ජනතාව තමිල්නාඩු ජනතාවගේ පරි පූර්ණ කොපි කැට් එකක් බව ජාත්යන්තරයට කියා පෑම.
නමුත් මහින්දගේ යුධ ජයග්‍රහනයෙන් ඔද වැඩි අයි ටී එන් පසු වදන බලන ජනයාට මේ කිසි වෙකින් වැඩක් නැත. දින හතරක කාලයක් ගංවතුර, මිනි මැරුම්,කප්පම් සීන් නොමැතිව තලු මරීමට කිසිත් නොමැතිව සිටි ජනයාට ට්‍රැජිඩියක් ලෙස රඟ දැක්වූ කොමඩියක් දැක බලා ගැනීමේ අවස්තාව හිමි වුනි.
88-89 වකවානුවෙහි මරණය හමුවේ, අනෙකුන් අත හැර පලා ගිය විමලේ, රජ සැප විඳිමින් මරණයට මුහුන නොදෙන බැව් ඔහුගේ සමකාලීනයින් දන්නා මුත් අති මහත් බහුතරය එය නොදනී. දන්නා වුනුත් සිදු වූ අතීතයට වඩා නොසිදු වන අනාගතය ගැන නෙත් දල්වා සිටිති. අවසානයේ රත්වත්තෙගේ සහ ජෙයරාජ්ගෙ ගොඩට වැටුනු විමලේට අවම වශයෙන් තිලීපන්ගේ තත්වයට සම වීමටවත් නොහකි විය.
නමුත් විමලේට තවත් අවස්ථා ඇත. ලංකාව ලෝකය ඉදිරියේ පච කිරීමට තවත් අවස්තා ඇත. මන්ද ලංකාවට දේශප්‍රේමය යනු සුද්දාට සිංහලෙන් බැන වැදීම බැවිනි.
බෑන් කී මූන් විසින් විමලේගේ නැට්ට කැපූ මෙ අවස්තාවෙ එකක් කිව යුතුය. එනම් විමලේට වඩා ජාතිවාදී වූ, විමලේට වඩා යුධ ජයග්‍රහනයට අයිතිවාසිකම් කිව හැකි චම්පික, විමලේට වඩා සිය ගුණයක් බුද්ධිමත් බවය. මහින්දට දෙක පුන වාර ගනන සාපෙක්ශව අඩු බවය.
විමලේ වෙනුවෙන් හුරේ දැමූ, මෝඩ චූන් කාරයින් හට කියන්නට ඇත්තේ එකම එක දෙයකි.
“රැවටිච්චී පොල්කිච්චී කැන්ද ගහේ එල්ලිච්චි”



